නෝර්වූඩ් පොලිස් බල ප්‍රදේශයට අයත් රොක්වූඩ් තේ වතුයායේ පදිංචිව සිටි වයෝවෘද්ධ පුද්ගලයෙකු අකුණු සැරකට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇති බව නෝර්වූඩ් පොලීසිය සඳහන් කරයි.
මෙලෙස මියගොස් ඇත්තේ නෝර්වූඩ්, රොක්වූඩ් තේ වතුයායේ පදිංචි කන්දන් ආණ්ඩි නමැති 86 හැවිරිදි පුද්ගලයෙකි.
පොලීසිය සඳහන් කරන පරිදි, ඊයේ (20) සවස ප්‍රබල වැසි සමඟ පැවති කාලගුණ තත්ත්වය අතරතුර වතුයායේ විශාල ගසක් යට නවාතැන් ගනිමින් සිටියදී ඔහුට අකුණු සැර වැදී ඇත.