මහකුඹුක්කඩය සෙම්බුකුලිය ප්‍රදේශයේ සිදුවූ දුර්භාග්‍යජනක සිද්ධියකදී, පියෙකු විසින් එල්ල කළ පොරෝ පහරකින් 26 හැවිරිදි පුතෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මහකුඹුක්කඩවල පොලිසිය සඳහන් කරයි.
මරණයට පත්ව ඇත්තේ සෙම්බුකුලිය පදිංචි, විවාහක 26 හැවිරිදි දීලිප මධුශංක හේරත් බව හඳුනාගෙන ඇත.
පොලිස් පරීක්ෂණවලින් හෙළිව ඇත්තේ, පියා ගොවිතැන් කටයුතු කරමින් වෙනම ඉඩමක තනිව ජීවත් වූ අතර, පුතා පියාට අයත් තවත් ඉඩමක නිවසක වාසය කර ඇති බවයි.
තවද, විවිධ අවස්ථාවලදී පියා සහ පුතා අතර ගැටුම් ඇතිවී ඇති අතර, ඒවා අසල්වැසියන්ගේ මැදිහත්වීමෙන් නවතා ඇති බවද වාර්තා වේ.