Breaking

Post Top Ad

Saturday, March 28, 2026

චීන තරුණිය මැරූ ඇගේ පෙම්වතා වං හුයින් සොයන්න පොලිසිය මහජන සහය පතයි

 

2026 මාර්තු 23 වන දින කොහුවල, කළුබෝවිල පීරිස් මාවත ප්‍රදේශයේදී චීන ජාතික කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව, පළාගොස් සැඟව සිටින ප්‍රධාන සැකකරු සොයා ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය මහජන සහාය ඉල්ලා සිටී.


පොලිස් වාර්තා අනුව, කොහුවල පොලිස් වසමට අයත් නිවාස සංකීර්ණයක කුලියට ගත් නිවසක් තුළ පදිංචිව සිටි මෙම කාන්තාව පිහියකින් ඇන ඝාතනය කර ඇත.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයනු ලබන්නේ වං හුයින් (Wang Huiyin) නම් චීන ජාතිකයෙකි. ඔහු ඝාතනයට ලක්වූ කාන්තාවගේ හිටපු පෙම්වතා බවට සැක කෙරේ. 2000 ජුනි 01 දින උපත ලැබූ ඔහු, EE6791329 හා ER3805969 යන විදෙස් ගමන් බලපත්‍ර අංක භාවිත කරන බව අනාවරණය වී ඇත. සැකකරුගේ වම් අතේ ඇඟිලිවල මැහුම් යෙදූ තුවාලයක් පවතින බවද හඳුනාගැනීම සඳහා වැදගත් සලකුණක් ලෙස සඳහන් වේ.


පෙම්වතිය සමඟ ඇතිවූ ආරවුලක් අනතුරුව, ඇය වාසය කළ නිවාස සංකීර්ණයට යාබදව පදිංචිවී, සැලසුම්සහගත ලෙස ඇයගේ නිවසට ඇතුළු වී මෙම ඝාතනය සිදු කර ඇති බවට සැක කෙරේ. එම අවස්ථාවේදී එම ස්ථානයේ සිටි තවත් චීන ජාතිකයෙකුටද තුවාල සිදුකර සැකකරු පළාගොස් ඇත.


මෙය තුන්කොන් ප්‍රේමයක ආරවුලක් හේතුවෙන් සිදු වූ ඝාතනයක් විය හැකි බවටද පොලිසිය සැක පළ කරයි. සැකකරු පිළිබඳ තොරතුරු ඇත්නම්, පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දන්වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී. රතු පැහැති ටී-ෂර්ට් එකක් පැළඳ සිටින ඔහුගේ ඡායාරූපයක්ද පොලිසිය විසින් ප්‍රසිද්ධ කර ඇත.




Post Top Ad

Pages