Breaking

Post Top Ad

Wednesday, April 1, 2026

දඹදිව වන්දනාවේ ගිය ශ්‍රී ලාංකික පිරිසක් රැගත් බස් රථයක් ගිනි ගනී

 

දඹදිව වන්දනාවේ නිරතව සිටි ශ්‍රී ලාංකික පිරිසක් රැගත් බස් රථයක් අග්‍රා ප්‍රදේශයේදී ගිනිගෙන ඇති බව වාර්තා වේ.


කෙසේ වෙතත්, එහි ගමන් කළ කිසිවෙකුටත් ආපදාකාරී හානි කිසිවක් සිදු නොවූ බව විදේශ බෞද්ධ චාරිකා සංවිධායකයින්ගේ සංගමය සඳහන් කළේය.


එම සංගමයේ මහලේකම් මහේන්ද්‍ර හල්ලොලුව මහතා පැවසුවේ, බස් රථයේ වායු සමීකරණ පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවයි.


සිද්ධිය සිදු වන අවස්ථාවේ බස් රථය තුළ පුද්ගලයන් 45 දෙනෙකු සිට ඇති අතර, ඔවුන් සියලුදෙනා හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.


ගින්න ආරම්භ වූ සමයේ, බස් රථයේ සිටි සියලු දෙනා තම බඩුබාහිරාදිය සමඟ ආරක්ෂිතව ඉවත් වීමට සමත් වී තිබේ.


සැලසුම් කළ පරිදි තම වන්දනා ගමන සම්පූර්ණ කළ මෙම පිරිස අද දිනයේදී දිවයිනට පැමිණීමට නියමිත බව මහේන්ද්‍ර හල්ලොලුව මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Post Top Ad

Pages