දින දෙකක් පුරා නිවසින් අතුරුදහන්ව සිටි දෙදරු පියෙකුගේ මළසිරුර අද (31) දින හැටන්–කොළඹ ප්‍රධාන මාර්ගයේ, හැටන් ස්ට්‍රැඩන් වත්ත ප්‍රදේශයේ බෝක්කුවක් තුළින් සොයාගත් බව හැටන් පොලිසිය ප්‍රකාශ කළේය.
මෙලෙස හමු වූයේ වටවල පොලිස් වසමට අයත් වැලිඔය වත්තේ පදිංචි ජෙගනාදන් මහේන්ද්‍රන් කුමාර් නමැති දෙදරු පියෙකුගේ මළසිරුරයි.
සිය සැමියා දින දෙකක් තිස්සේ නිවසට නොපැමිණි බව සඳහන් කරමින් ඔහුගේ බිරිඳ විසින් වටවල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. එහි අනුව, එම වතුයායේ කම්කරුවන්ගේ සහයද ලබාගෙන පොලිසිය ප්‍රදේශය පුරා සෝදිසි මෙහෙයුමක් දියත් කර ඇති අතර, එම සෝදිසියේදී මෙම මළසිරුර හමුවී තිබේ.