තලවකැලේ සිට නුවරඑළිය දක්වා ධාවනය වූ ලංගම බස් රථයකට ගොඩවීමට උත්සාහ කළ කාන්තාවක් අනතුරකට ලක්ව බරපතල තුවාල ලබා තිබෙනවා.
බස් රථය තුළ මගීන් විශාල සංඛ්‍යාවක් සිටීම හේතුවෙන්, එය නුවරඑළිය වටරවුම් මාර්ගයේ ඩෙස්පොඩ් ප්‍රදේශයෙන් නොනවත්වා ගමන් කර ඇති බව සඳහන්.
එම අවස්ථාවේදී බස් රථය පිටුපසින් දිව ගොස් එයට ගොඩවීමට උත්සාහ කළ කාන්තාව ඇදවැටී, බස් රථයේ පසුපස රෝදවලට යටවී තිබෙනවා.
අනතුරෙන් බරපතල තුවාල ලැබූ ඇය මේ වනවිට නුවරඑළිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.