Breaking

Post Top Ad

Tuesday, March 31, 2026

දරුණු රිය අනතුරකින් මෙහෙණින් වහන්සේලා තුන් නමක් අසාධ්‍යයි

 

සූරියවැව, නුගේකන්ද ප්‍රදේශයේ ත්‍රීරෝද රථයක් සහ ලොරි රථ දෙකක් සම්බන්ධව සිදුවූ මාර්ග අනතුරකින් පුද්ගලයින් කිහිප දෙනෙකු බරපතළ තුවාල ලබා ඇත.


අනතුරෙන් ත්‍රීරෝද රථයේ ගමන් ගත් මෙහෙණින් වහන්සේලා තුන් නමක් ද බරපතළ තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ.


පොලීසිය සඳහන් කළේ, අතුරු මාර්ගයකින් පැමිණි ත්‍රීරෝද රථය හදිසියේ ප්‍රධාන මාර්ගයට පිවිසීමට උත්සාහ කිරීමේදී එම මාර්ගයේ ගමන් කළ ලොරි රථයක ගැටී ඇති බවයි. අනතුරෙන් පසුව, එය මාර්ගයේ නවතා තිබූ තවත් කුඩා ලොරි රථයකද ගැටී ඇත.


මෙම අනතුරට ප්‍රධාන හේතුව ලෙස ත්‍රීරෝද රථ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය හඳුනාගෙන ඇති බව පොලීසිය පැවසීය.


එමෙන්ම, අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරාද බරපතළ තුවාල ලබා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් සූරියවැව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Post Top Ad

Pages