Breaking

Post Top Ad

Sunday, May 3, 2026

අකුණුසැර වැදීමෙන් කාන්තාවක් මරුට - තවත් පුද්ගලයෙක් රෝහලේ

 පසුගිය අයහපත් කාලගුණය හේතුවෙන් හබරාදූව කොක්වත්ත ප්‍රදේශයේ නිවසකට අකුණු සැර වැදී, එහි නේවාසිකව සිටි කාන්තාවන් දෙදෙනෙකු අතරින් එක් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනෙක් කාන්තාව බරපතළ තුවාල ලබා තිබේ.


ජීවිතක්ෂයට පත් වූ කාන්තාව වයස අවුරුදු 26ක් වන අතර ඇය කොක්වත්ත, හබරාදූව ප්‍රදේශයේ පදිංචිකාරියකි.


මෙම කාන්තාවන් දෙදෙනා ප්‍රදේශයේ ඇඟළුම් කම්හලක සේවය කළ අය වන අතර, ඔවුන් නේවාසිකව සිටි නිවස තුළ රැඳී සිටියදී අකුණු සැර වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.


තුවාල ලැබූ අනෙක් කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් හබරාදූව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Post Top Ad

Pages