රත්නපුර, ගොඩිගමුව ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ තනිව ජීවත් වූ හිටපු අවුරුදු කුමාරියක සැකකටයුතු ලෙස මියගොස් සිටියදී සොයාගෙන තිබේ. මියගොස් ඇත්තේ 32 හැවිරිදි ගමගේ නිසංසලා සඳමාලි නැමැති තරුණියයි.
සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර පොලිසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, මරණයට හේතුව අනාවරණය කර ගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් සිටී.
පොලිස් තොරතුරුවලට අනුව, මියගිය තරුණිය දිගු කාලයක සිට අදාළ නිවසේ තනිව සහ හුදකලා ජීවිතයක් ගත කර තිබේ. ඇයගේ නිවසේ ප්‍රධාන දොර සාමාන්‍යයෙන් සෑම විටම වසා තබන බව ප්‍රදේශවාසීන් පවසයි.
එහෙත් පසුගිය 7 වැනිදා සිට එම නිවසේ ප්‍රධාන දොර අඛණ්ඩව විවෘතව පැවතීම අසල්වාසීන්ගේ අවධානයට ලක්ව තිබුණි. ඒ සම්බන්ධයෙන් සැකයක් මතු වූ ඔවුන් වහාම රත්නපුර පොලිසියට දැනුම් දී ඇත.
ලැබුණු තොරතුරට අනුව නිවසට ගිය පොලිස් නිලධාරීන් නිවස තුළ තිබූ ඇඳක් මත තරුණිය අප්‍රාණිකව වැතිර සිටින අයුරු සොයාගෙන තිබේ.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඇයගේ සිරුරේ උඩුකයට පමණක් ටී-ෂර්ට් එකක් පැළඳ සිටි අතර, පහළ කොටස ඇඳුම් නොමැති තත්ත්වයක පැවති බවයි.
සිද්ධියට අදාළ සියලු කරුණු විමර්ශනය කරමින් සිටින අතර, මරණයට නිශ්චිත හේතුව පශ්චාත් මරණ පරීක්ෂණය සහ වැඩිදුර විමර්ශනවලින් අනාවරණය වනු ඇතැයි පොලිසිය සඳහන් කරයි.