Breaking

Post Top Ad

Monday, March 30, 2026

විදුලි ගාස්තුව ඉහළට - අප්‍රේල් 1 සිට නව ගාස්තු බලපැවැත්වේ

 

2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම ඒකමතිකව තීරණය කර ඇති අතර, නව ගාස්තු අප්‍රේල් 1 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතය.


ලංකා විදුලිබල මණ්ඩලය විසින් 13.56%ක ගාස්තු වැඩිවීමක් ඉල්ලා තිබූ අතර, එය සලකා බලා විවිධ පාරිභෝගික කාණ්ඩ අනුව සංශෝධන ක්‍රියාත්මක කිරීමට කොමිසම තීරණය කර ඇත.


ඒ අනුව,

  • ඒකක 0–30 අතර පාරිභෝගිකයන්ට 4.3%ක වැඩිවීමක් සිදුවන අතර, මාසික බිල රුපියල් 15කින් ඉහළ යනු ඇත.
  • ඒකක 31–60 සඳහා 6.9%කින් වැඩි කර ඇති අතර, මාසික වශයෙන් රුපියල් 45කින් වැඩි වේ.
  • ඒකක 61–90 කාණ්ඩයටද 6.9%ක වැඩිවීමක් සිදුකර ඇති අතර, එහි මාසික වැඩිවීම රුපියල් 120කි.
  • ඒකක 91–180 අතර පාරිභෝගිකයන්ට 7.1%කින් වැඩි කර ඇති අතර, මාසිකව රුපියල් 420කින් ඉහළ යනු ඇත.

ඒකක 180ට වැඩි පරිභෝජනයක් ඇති පාරිභෝගිකයන් සඳහා විදුලි ගාස්තු 25%කින් ඉහළ දමා ඇත.


අමතරව, මාසික පරිභෝජනය ඒකක 180ට අඩු ආගමික සහ පුණ්‍ය ආයතන සඳහා ගාස්තු වැඩි නොකරන අතර, ඒකක 180 ඉක්මවන පරිභෝජනය සඳහා පමණක් 9.6%ක වැඩිවීමක් අනුමත කර ඇත.


පොදු කාර්ය සහ සාමාන්‍ය පාරිභෝගික කාණ්ඩ සඳහා ගාස්තු 8%කින් වැඩි කරන අතර, කර්මාන්ත අංශයට 8.7%ක සීමාවක් යටතේ ගාස්තු වැඩි කිරීමට තීරණය කර ඇත.


එසේම, රාජ්‍ය ආයතන සඳහා විදුලි ගාස්තු 14.1%කින් ඉහළ දැමීමටද කොමිසම අනුමැතිය ලබාදී ඇත.

Post Top Ad

Pages