Breaking

Post Top Ad

Monday, March 30, 2026

ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ රන්මාලයක් උකස් කළ නිළිය අත්අඩංගුවට

 

නව පරපුරේ රංගන ශිල්පිණියක් රන්මාලයක් වංචාවට සම්බන්ධ සිද්ධියක් මත අද (30) අත්අඩංගුවට ගෙන කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.


පොලීසිය පවසන්නේ, සැකකාරිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෙකුට අයත් රුපියල් ලක්ෂ 9කට වැඩි වටිනාකමක් ඇති රන් මාලයක් හිමිකරුගේ අවසරයකින් තොරව බත්තරමුල්ලේ පිහිටි පුද්ගලික මුල්‍ය ආයතනයක උකස් කර, රුපියල් ලක්ෂ 6ක මුදලක් ලබාගෙන ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇති බවයි.


එම පැමිණිල්ල අනුව, තලංගම පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි අංශය විසින් අද දිනයේදී ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.


අධිකරණයේදී සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කර ඇත්තේ, රන් මාලය උකස් කර තිබුණද එය නැවත බේරාගෙන හිමිකරුට භාරදීමට හැකි බවයි.


ඒ අනුව, වැඩ බලන මහේස්ත්‍රාත්වරයා සැකකාරිය රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇප මත මුදාහැරීමට නියෝග කළේය.


තවද, අදාළ රන් මාලය තලංගම පොලීසිය භාරගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද නියෝග කර ඇති අතර, නඩුව යළි අප්‍රේල් 22 වනදා කැඳවීමට නියමිතය.

Post Top Ad

Pages