Breaking

Post Top Ad

Monday, March 30, 2026

අසල්වැසියාගේ පහරින් තිදරු පියෙකු මරුට

තම නිවස ඉදිරිපිට ආරවුල් නොකිරීමට අවවාද කළ තිදරු පියෙකු අසල්වැසියෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව පින්වත්ත පොලිසිය පවසයි.


මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පින්වත්ත, ලෙස්ලි ගුණවර්ධන මාවතේ පදිංචි 42 හැවිරිදි සම්පත් සිල්වා නමැති පුද්ගලයෙකි.


පොලිස් වාර්තා අනුව, ඊයේ (29) සවස මරණකරුගේ නිවස ඉදිරිපිට පුද්ගලයින් තිදෙනෙකු අතර උණුසුම් වාදයක් හටගෙන තිබේ. එය දැක නිවසින් පිටතට පැමිණි මරණකරු, තම නිවස අසල මෙවැනි කලහකාරී ක්‍රියා සිදු නොකරන ලෙස ඔවුන්ට අවවාද කර ඇත.


එම අවවාදයට කෝපයට පත් ආරවුලට සම්බන්ධ වූ අසල්වැසියෙකු, තම නිවසට ගොස් තියුණු ආයුධයක් රැගෙන පැමිණ මරණකරුගේ ගෙල ප්‍රදේශයට බරපතල පහරක් එල්ල කර ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.


ගැටීමෙන් බරපතල තුවාල ලැබූ මරණකරු, නිවැසියන් සහ ප්‍රදේශවාසීන් විසින් වහාම පානදුර මූලික රෝහලට රැගෙන ගොස් තිබුණද, එහිදී රෝහල් ගත කරන අවස්ථාවේදීත් ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.


මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු පුද්ගලයින් කිහිප දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඔවුන් මේ වනවිට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව පොලිසිය පවසයි.


සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පින්වත්ත පොලිසිය විසින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් ආසිරිගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් පවතී.

Post Top Ad

Pages