Breaking

Post Top Ad

Tuesday, March 31, 2026

පියානෝ ගුරුවරියගේ ඝාතකයා 6 තෙක් රිමාන්ඩ්

 කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි නිවසක පදිංචිව සිටි වැන්දඹු කාන්තාවක් වන පියානෝ ගුරුවරිය මිත්‍රානි ප්‍රනාන්දු ඝාතනයට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයා ලබන 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (30) නියෝග කළා.


මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු සැකකරු වන්නේ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි සුබ්‍රමනියම් සෙල්වකුමාර යන අයයි.


පොලීසිය පවසන්නේ මෙම පුද්ගලයා කොළඹ ප්‍රදේශයේ නිවාසවල වතු පිරිසිදු කිරීමේ කම්කරුවෙකු ලෙස සේවය කළ අවිවාහකයෙකු බවයි.


විමර්ශන අනුව, 2024 දෙසැම්බර් 15 වැනිදා උදෑසන ඔහු මිත්‍රානි මහත්මියගේ නිවසට පිරිසිදු කිරීමේ කටයුතු සඳහා ගොස් ඇති අතර, එහිදී ඇය දූෂණය කර පසුව වයර් කැබැල්ලක් භාවිතයෙන් ගෙල සිරකර ඝාතනය කළ බවට සැකකරු පාපොච්චාරණය කර ඇති බව පෙර නඩු විභාගයකදී පොලීසිය අධිකරණයට දැනුම් දී තිබුණා.


එමෙන්ම, ඝාතනයෙන් පසුව නිවසේ තිබූ ජංගම දුරකථනය, ලැප්ටොප් පරිගණකය සහ ගෑස් සිලින්ඩරය සොරකම් කර විවිධ පුද්ගලයින්ට විකුණූ බවටත් සැකකරු ප්‍රකාශ කර ඇති අතර, එම භාණ්ඩ කිහිපයක් සොයාගැනීමටද පොලීසිය සමත් වී ඇති බව අධිකරණයට දැනුම් දී තිබුණා.

Post Top Ad

Pages