Breaking

Post Top Ad

Tuesday, March 31, 2026

මැණික් ව්‍යාපාරිකයාගේ මළ සිරුර පතල් වළකින් සොයාගනී

 

කහවත්ත, නීලගම ප්‍රදේශයේ අතුරුදන්වූ මැණික් ව්‍යාපාරිකයෙකුගේ මළ සිරුර අද (30) දින පතල් වළකින් සොයාගෙන තිබේ.


මෙම අබිරහස් අතුරුදන්වීම සම්බන්ධයෙන් කහවත්ත පොලීසිය මීට පෙර විමර්ශන ආරම්භ කර තිබූ අතර, අතුරුදන්ව සිටියේ කහවත්ත කට්ටංගේ ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි දෙදරු පියෙකි.


මූලික විමර්ශන අනුව, ඔහු පසුගිය 28 වනදා දහවල් කාලයේ කහවත්ත – නීලගම මාර්ගයේ යතුරුපැදියකින් ගමන් කර ඇති බව අනාවරණය වී ඇත.


එමෙන්ම, ඔහුගේ යතුරුපැදිය එම මාර්ගයේ වංගුවක් අසළ නවතා තිබූ අතර, ඊයේ (29) දින ඔහුගේ ජංගම දුරකථනයද ආසන්න තේ වතුයක් තුළින් සොයාගෙන තිබුණි.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු කහවත්ත පොලීසිය විසින් සිදුකරමින් පවතී.

Post Top Ad

Pages