Breaking

Post Top Ad

Tuesday, March 24, 2026

මාතර, නූපේ දුම්රිය හරස් මාර්ගය අසලදී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

 

මාතර නූපේ දුම්රිය හරස් මාර්ගය අසල සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.


මරදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියට මෙම පුද්ගලයා ගැටී ඇති අතර, එහිදී බරපතළ තුවාල ලැබූ ඔහු මාතර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.


අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 59ක් වන හාමුවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.


සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරනු ලබයි.


Post Top Ad

Pages