Breaking

Post Top Ad

Monday, March 30, 2026

අලි ප්‍රහාරයකින් කිරි ගවයින් හත් දෙනෙකු මිය යයි.

 අඹන්පොළ, කාසිකොටේ ප්‍රදේශයේ අද (28) අලුයම සිදු වූ වන අලි ප්‍රහාරයකින් කිරි ගවයින් හත් දෙනෙකු මරණයට පත්ව ඇති අතර තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබේ.


අප වාර්තාකරු සඳහන් කළේ, ප්‍රදේශයේ කිරි ගොවීන් දෙදෙනෙකුට අයත් කිරි ගැනීම සඳහා ගාල් කර තිබූ ගවයින් නව දෙනෙකු මෙම ප්‍රහාරයට ලක්ව ඇති බවයි.


එම ප්‍රහාරයෙන් ගවයින් හත් දෙනෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, තුවාල ලැබූ ඉතිරි ගවයින් දෙදෙනාගේ තත්ත්වය ද ගැටලුකාරී බව වාර්තා වේ.


තමන්ගේ ප්‍රධාන ජීවනෝපාය වූ කිරි ගවයින් මෙලෙස අහිමිවීමෙන් අදාල ගොවි පවුල් දැඩි ආර්ථික අපහසුතාවකට මුහුණ දී ඇති අතර, වන අලි තර්ජනයට ස්ථිර විසඳුමක් ලබාදෙන ලෙස ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

Post Top Ad

Pages