Breaking

Post Top Ad

Thursday, March 26, 2026

පුද්ගලයෙකු පසුපස පන්නා ආ අලියෙක් පාලු ළිඳකට වැටී මිය යයි

 

පුද්ගලයෙකු පසුපස හඹා ආ වන අලියෙකු පාලු වූ ළිඳකට වැටීමෙන් මියගොස් ඇති බව වාර්තා වේ.


කොට්ටුකච්චිය ගල්කුලම ප්‍රදේශයේ පිහිටි කුඹුරකට කඩා වැදුණු වන අලියෙකු පලවා හැරීමට එම කුඹුරේ හිමිකරු වන ගොවි මහතා උත්සාහ කර තිබුණා.


එහිදී වන අලියා ගොවි මහතා පසුපස හඹා ආ අතර, එම අවස්ථාවේදී අලියා අතහැර දමා තිබූ පාලු ළිඳකට ඇද වැටී ඇති බව සඳහන් වේ.


වසර දෙකකට ආසන්න කාලයක් වගා කටයුතු නොකිරීම හේතුවෙන් එම වගා ළිඳ අතහැර දමා තිබූ අතර, එයටම මෙම වන අලියා වැටී මියගොස් ඇත.


අලියාගේ සිරුර ගොඩගැනීම සඳහා වනජීවි නිලධාරීන්ට මහත් වෙහෙසක් දැරීමට සිදුවූ බවද වාර්තා වේ.

Post Top Ad

Pages