බංග්ලාදේශයේ රාජ්බාරි ප්‍රදේශයේ නිරිතදිග පිහිටි ඩවුලාඩියා පර්යන්තයේදී බස් රථයක් Padma River වෙත පෙරළීමෙන් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.
මෙම අනතුර හේතුවෙන් තවත් කිහිපදෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දොඹකරයක උපකාරයෙන් බස් රථය ගොඩට ගෙන ඇති අතර, එහි අභ්‍යන්තරයෙන් මළ සිරුරු 14ක් හමු වී තිබුණි.
මෙම අනතුර ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිදුව ඇති අතර, ගඟ තුළින් තවත් කාන්තා මළ සිරුරු දෙකක් සොයාගෙන තිබේ.
ඩකා අගනුවරට යමින් තිබූ මෙම බස් රථයේ ළමුන් කිහිපදෙනකු ඇතුළුව සමාන්‍යයෙන් මගීන් 40ක් පමණ ගමන් කරමින් සිටි බව අනාවරණය වී ඇත.