Breaking

Post Top Ad

Friday, March 27, 2026

කොටි ප්‍රහාරයකින් කුමන ජාතික වන උද්‍යානයේ භාවනායෝගීව සිටි විදෙස් භික්ෂූන්වහන්සේ නමක් අපවත්වෙති

 

නැගෙනහිර පළාතේ පිහිටි ජාතික වන උද්‍යානයක බඹරගස්තලාව ප්‍රදේශයේ භාවනායෝගීව වැඩසිටි විදේශීය භික්ෂූන්වහන්සේ නමක් කොටියකුගේ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව වනජීවි සංරක්ෂණ සංසදයේ ලේකම් සහ පරිසරවේදී නයනක රන්වැල්ල මහතා ප්‍රකාශ කළේය.


ඔහු පැවසුවේ මෙම සිදුවීම ඊයේ (25) රාත්‍රියේ සිදුව ඇති අතර, අදාළ ස්වාමීන්වහන්සේ එම ස්ථානයේ ලෙනක් තුළ භාවනායෝගීව සිට ඇති බවයි.


සිද්ධියෙන් ටික වේලාවකට පසු වනජීවි නිලධාරීන් එම ස්ථානයට ගොස් සිදුකළ නිරීක්ෂණයේදී, ස්වාමීන්වහන්සේගේ බෙල්ල සහ පපු ප්‍රදේශවල දැඩි තුවාල සහිතව දේහය තිබූ බව අනාවරණය වී තිබේ.


එම ස්ථානය ආසන්නයෙන් කොටියකුගේ අඩි සළකුණු ද සොයාගෙන ඇති අතර, මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා දේහය රැඳී සිටින අතරතුරද, එම කුණ ආසන්නයට කොටියකු නැවත පැමිණ ඇති බවට තොරතුරු හෙළිවී ඇත.


මෙම ප්‍රදේශය වන උද්‍යානයේ අභ්‍යන්තරයක පිහිටා ඇති බැවින් එහි භාවනායෝගීව වැඩසිටීම ජීවිතයට දැඩි අවදානමක් බව පරිසරවේදීන් දිගු කාලයක් තිස්සේ අවධාරණය කර ඇති බව රන්වැල්ල මහතා සඳහන් කළේය. එහෙත් එම අනතුරු නොසලකා ස්වාමීන්වහන්සේලා කිහිප නමක් එම ප්‍රදේශයේ දිගටම වැඩවාසය කරමින් සිට ඇති බවද ඔහු පැවසීය.


සිද්ධිය සිදුවන අවස්ථාවේදී එම ස්ථානයේ ස්වාමීන්වහන්සේලා තුන්නමක් වැඩසිට ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

Post Top Ad

Pages