තණමල්විල – වැල්ලවාය මාර්ගයේ කුඩාඔය නගරය අසලදී මාරක රිය අනතුරක් වාර්තා වී ඇත.
වැල්ලවාය සිට තණමල්විල දිශාවට ගමන් කළ ලොරි රථයක්, විරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රීරෝද රථයක් සමඟ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
අනතුරේදී ත්‍රීරෝද රථයේ පිටුපස ගමන් කළ පිරිමි දරුවෙකු බරපතළ තුවාල ලබා මුලින් තණමල්විල රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට මාරු කර යවා තිබේ. එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අවාසනාවන්ත ලෙස මියගොස් ඇත.
මියගිය දරුවා වයස අවුරුදු 7ක් වන කොටියාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධියට සම්බන්ධ ලොරි රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, කුඩාඔය පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් සිටී.