Breaking

Post Top Ad

Sunday, March 29, 2026

සිසුවෙකුට පහරදීමේ සිද්ධියට හැටන් පාසලේ චණ්ඩි අත්අඩංගුවට

 

හැටන් ප්‍රදේශයේ ප්‍රමුඛ පාසලක පන්ති කාමරයක් තුළ සිසුවෙකුට පහරදීම සම්බන්ධයෙන් සිසුන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


හැටන් මූලස්ථාන පොලීසිය සඳහන් කළේ, මෙම සැකකරුවන් ඊයේ (28) දින අත්අඩංගුවට ගත් බවයි.


මෙම සිද්ධියට පෙර, සති තුනකට පමණ පෙර 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිව තිබූ අතර, එයට පාසලේ ආදි සිසුවෙකු ද සම්බන්ධ වී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.


එම ගැටුම පාසල් මට්ටමින් සමථයකට පත් කළද, සිසුවෙකුට පහරදෙන අයුරු පෙන්වන වීඩියෝවක් පසුව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී ඇත.


ඉන් අනතුරුව, පහර කෑ බව කියන සිසුවාගේ මව විසින් ඊයේ (28) දින හැටන් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.


එම පැමිණිල්ල අනුව සිදු කළ විමර්ශනවලදී, පහරදීම සම්බන්ධයෙන් සැකපිට සිසුන් දෙදෙනෙකු සහ ආදි සිසුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කළේය.


පහර කෑ බව කියන සිසුවා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දෙන අතර, අත්අඩංගුවට ගත් සිසුන් දෙදෙනා සහ ආදි සිසුවා අද (29) හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


එමෙන්ම, මහේස්ත්‍රාත්වරයාගේ නියෝග අනුව සැකකරුවන් ඔවුන්ගේ දෙමාපියන් වෙත භාරදීමට පියවර ගන්නා බව හැටන් මූලස්ථාන පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

Post Top Ad

Pages