මාලඹේ බස් නැවතුම්පළ ඉදිරිපිට අද (26) දින සිදුවූ බීමතින් පැදවූ යතුරුපැදි අනතුරකින් පොලිස් කොස්තාපල්වරයකු මියගොස් ඇති බව මාලඹේ පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ කෑරගල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ වයස අවුරුදු 24ක් වන අවිවාහක පොලිස් කොස්තාපල්වරයකු බව සඳහන් වේ.
මෙම නිලධාරියා කොළඹ සිට කඩුවෙල දෙසට අධික වේගයෙන් යතුරුපැදිය පැදවමින් සිටියදී, මාලඹේ බස් නැවතුම්පළ අසලදී වාහනය පාලනයෙන් තොරව මාර්ගයෙන් ඉවතට පැන, විරුද්ධ දිශාවෙන් (කඩුවෙල සිට කොළඹ දෙසට) පැමිණි මෝටර් රථයකට මුහුණට මුහුණ ගැටී තිබේ.
අනතුරෙන් බරපතල තුවාල ලැබූ ඔහු වහාම තලංගම දිසා රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දුන්නද, එහිදී මරණයට පත්වූ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.