Breaking

Post Top Ad

Monday, March 23, 2026

කටුපත්වැවේ දියනෑම සදහා ගිය පුද්ගලයෙකු ජිවිතක්‍ෂයට

නොච්චියාගම කටුපත්වැව ප්‍රදේශයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මරණයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කරයි.


මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 58ක් වූ එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකි. ඔහු කටුපත්වැවෙහි දිය නාමින් සිටියදී අවාසනාවන්ත ලෙස දියේ ගිලී ඇත.


සිද්ධිය පිළිබඳව ලද තොරතුරක් අනුව නොච්චියාගම පොලිසිය වහාම ක්‍රියාත්මක වී ඔහු ගොඩට ගෙන නොච්චියාගම රෝහලට ඇතුළත් කළද, ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

Post Top Ad

Pages