Breaking

Post Top Ad

Monday, March 23, 2026

කුඹුරේ පිදුරු ගිනි තියන්න ගිය පුද්ගලයා එම ගින්නටම හසුවී මරුට

 

වීරවිල, ගඟසිරිගම ප්‍රදේශයේ පුද්ගලයෙකු ගින්නකට හසුවී ජීවිතක්ෂයට පත්ව ඇති බවට ලද තොරතුරක් මත වීරවිල පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.


මෙම අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 63ක් වූ, තිස්සමහාරාම ප්‍රදේශයේ ගඟසිරිගම ගම්වාසියෙකි.


මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ, ඔහු විසින් තම කුඹුරේ තිබූ පිදුරු ගිනි තැබූ අතර, එම ගින්න අවට කුඹුරු වලට පැතිරීම වැළැක්වීමට උත්සාහ කිරීමේදී ගින්නට හසුව පිළිස්සී ඇති බවයි.


මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා මෘත දේහය තිස්සමහාරාම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන වීරවිල පොලීසිය විසින් සිදු කරයි.

Post Top Ad

Pages