Breaking

Post Top Ad

Monday, March 23, 2026

අර්ජුන රණතුංග හා ධම්මික රණතුංග මිලියන 5 ශරීර ඇප 2 ක් මත මුදා හරී

 

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග මහතාට කොළඹ මහාධිකරණය හමුවේ අද (23) අධිචෝදනා භාර දෙන ලදී.


ඒ අනුව, විත්තිකරුවන් දෙදෙනාම රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේය.


මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා මැයි මස 15 වනදා කැඳවීමටද අධිකරණය තීරණය කළේය.


2017 සිට 2018 දක්වා මාස හයක කාලයක් තුළ, මෙරටට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීම සඳහා තිබූ දිගුකාලීන ටෙන්ඩර් තුනක් අවලංගු කර, ඒ වෙනුවට වැඩි මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් 27ක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම මඟින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් මිලියන 800කට ආසන්න පාඩුවක් සිදු කළ බවට චෝදනා එල්ල වී ඇත.


ඒ සඳහා ආධාර හා අනුබල ලබා දීම සම්බන්ධයෙන්ද විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනුකර තිබේ.

Post Top Ad

Pages