Breaking

Post Top Ad

Monday, April 27, 2026

අවුරුදු 2ක් වයසැති දියණිය 40000 විකුණා ඡංගම දුරකතනයක් මිලට අරන්

 

වයස අවුරුදු 2ක් වන කුඩා දැරියක් රුපියල් 40,000කට විකුණා, එයින් රුපියල් 15,000ක් වැය කර ජංගම දුරකථනයක් මිලදී ගත් බවට චෝදනා ලබන මව සහ ඇයගේ අනියම් ස්වාමිපුරුෂයා ධර්මපුරම් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


මෙම සිද්ධියට සම්බන්ධව, එම දැරිය මිලදී ගත් බව කියන කාන්තාවක්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


දැරියගේ මව සහ අනියම් ස්වාමිපුරුෂයා විසින් කොළඹ ප්‍රදේශයේ කාන්තාවකට මුදලට ඇය විකුණා ඇති බවට ධර්මපුරම් ග්‍රාම නිලධාරීවරයා කළ පැමිණිල්ලක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.


ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ, මෙම දැරිය තැලසීමියා රෝගයෙන් පෙළෙන අතර, ඇයට වඩා වැඩිමහල් සිව් හැවිරිදි දියණියක්ද එම රෝගයෙන් පීඩා විඳින බවයි. එම දියණියගේ ප්‍රතිකාර සඳහා මුදල් ලබා ගැනීමට මෙම ක්‍රියාව සිදු කළ බව සැකකරුවන් පවසා ඇත.


කෙසේ වෙතත්, එම මුදලින් ජංගම දුරකථනයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් පොලීසිය විමසූ විට, ඒ පිළිබඳව නිසි පිළිතුරක් ලබා දීමට ඔවුන් අසමත් වී ඇති බවත් සඳහන් වේ.


අත්අඩංගුවට ගත් මව සහ අනියම් ස්වාමිපුරුෂයා වයස අවුරුදු 27 හා 31 වන ධර්මපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, දැරිය මිලදී ගත් බව කියන කාන්තාව කටුනායක ඇවරියවත්ත ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි කාන්තාවකි.


සැකකරුවන් කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, මෙම මස 29 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Post Top Ad

Pages