Breaking

Post Top Ad

Sunday, April 26, 2026

ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වූ රාත්‍රී භෝජන සංග්‍රහයකට වෙඩි තැබීමක්

 වොෂින්ටන් ඩී.සී. නගරයේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයක, ධවල මන්දිර වාර්තාකරුවන් සඳහා ජනාධිපතිවරයා විසින් මෙම රාත්‍රී භෝජන සංග්‍රහය සංවිධානය කර තිබුණි.


වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව ආරක්ෂක අංශ වහා ක්‍රියාත්මක වී, ජනාධිපතිවරයා, ජනපති ආර්යාව සහ කැබිනට් මණ්ඩල සාමාජිකයින් ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් කර ඇත.


විදෙස් මාධ්‍ය වාර්තා අනුව, ජනාධිපතිවරයාගේ කතාව ආරම්භ වීමට විනාඩි කිහිපයකට පෙර වෙඩි ප්‍රහාර 5ත් 8ත් අතර සංඛ්‍යාවක් එල්ල වී තිබේ.


ඉන් කෙටි කාලයක් ඇතුළත කැලිෆෝනියා ප්‍රාන්තයේ පදිංචි 30 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.


වෙඩි ප්‍රහාරයෙන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කළ ඩොනල්ඩ් ට්‍රම්ප්, තම ආරක්ෂක නිලධාරීන්ගේ කඩිනම් හා නිර්භීත ක්‍රියාකාරීත්වය ප්‍රශංසා කළේය.


තවද, මෙම ධවල මන්දිර වාර්තාකරුවන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහය දින 30ක් ඇතුළත නැවත පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.


CNN පුවත් සේවය අනුව, මෙම සිද්ධියේදී බුද්ධි අංශ නිලධාරියෙකු තුවාල ලබා ඇත.


මෙම උත්සවයට ඇමරිකානු ජනාධිපතිවරයා, ජනපති ආර්යාව, උප ජනාධිපතිවරයා, කථානායකවරයා සහ කැබිනට් මණ්ඩල සාමාජිකයින් ඇතුළු රටේ ප්‍රමුඛ නායකයින් සියල්ලම සහභාගී වී සිටීම විශේෂත්වයකි.


දැඩි ආරක්ෂක රැකවල් පවතිද්දී සැකකරු ගිනි අවියක් සමඟ උත්සව ශාලාවට ඇතුළු වූ ආකාරය මෙතෙක් අනාවරණය වී නොමැත.


2024 ජූලි මාසයේ පෙන්සිල්වේනියාවේ පැවති ජනාධිපතිවරණ රැළියකදී ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලක්ක කර එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ඔහුගේ කණට තුවාල සිදුවූ අතර, එම සිද්ධියේදී එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලැබීය.


එම අවස්ථාවේ ස්නයිපර්වරයෙකු විසින් එල්ල කළ ප්‍රතිවෙඩි ප්‍රහාරයකින් 20 හැවිරිදි සැකකරු මිය ගියේය.

Post Top Ad

Pages