හයිටි රාජ්‍යයේ පිහිටි “සිටඩෙල් ලැෆරියර්” නමැති ඓතිහාසික බලකොටුවේ පැවැති වාර්ෂික උත්සවයක් අතරතුර සිදුවූ තෙරපීමකින් පුද්ගලයින් 30 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම උත්සවය සඳහා විශාල ජනකායක් එකතු වී සිට ඇති අතර, ඇතුළුවීමේ දොරටුව ආසන්නයේ මෙම අනතුර සිදුව තිබේ.
හයිටි රාජ්‍යය ප්‍රංශයෙන් නිදහස ලබාගත් පසු, 19 වන සියවසේ ආරම්භයේදී මෙම බලකොටුව ඉදිකර ඇති බව ද වාර්තා වේ.