Breaking

Post Top Ad

Monday, April 13, 2026

කෝටි ගානක කොකේන් සිරුරේ සඟවා ගෙන ආ කාන්තාවක් අත්අඩංගුවට

 කොකේන් මත්ද්‍රව්‍ය අඩංගු කරල් දෙකක් තම සිරුර තුළ සඟවාගෙන මෙරටට පැමිණි විදේශීය කාන්තාවක් කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසිනි.


අදාළ කොකේන් තොගයේ වටිනාකම රුපියල් එක් කෝටි විසිතුන් ලක්ෂ තිස් දහසක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, එය සිරුර තුළ සඟවාගෙන ඇය උගන්ඩාවේ කම්පාලා නගරයෙන් මෙරටට පැමිණ ඇත.


වයස අවුරුදු 47ක් වන මෙම කාන්තාව උගන්ඩා ජාතික ව්‍යාපාරිකවරියක් වන අතර, ඇයගේ සිරුර තුළ ග්‍රෑම් 274ක් පමණ කොකේන් මත්ද්‍රව්‍ය තිබූ බව රේගු නිලධාරීන් සඳහන් කරයි.

Post Top Ad

Pages