වාරියපොල–කටුපොත මාර්ගයේ නෙළුම් කණුව අසල, කොළමුණුඔය පාලමෙන් ලොරි රථයක් පෙරළී යාමෙන් එහි ගමන් කළ රියදුරා සහ සහයකයා එම ස්ථානයේම මරණයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කරයි.
අද (12) අලුයම මෙම අනතුර සිදුව ඇති බව කටුපොත පොලීසිය පැවසීය. අනතුරින් මියගොස් ඇත්තේ මීරිගම පල්ලෙවෙල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකි.
මියගිය පුද්ගලයන් වයස අවුරුදු 63 හා 42ක් වන බවද පොලීසිය තහවුරු කළේය. එම ලොරි රථය ආණමඩුව ප්‍රදේශයෙන් ගඩොල් පටවාගෙන මීරිගම දිශාවට ගමන් කරමින් සිට ඇති බවට පොලීසිය සැක පළ කරයි.