Breaking

Post Top Ad

Monday, April 13, 2026

අනතුරකින් පොලොන්නරුවේ දෙදෙනෙක් මරුට

 පොළොන්නරුව–මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වැලිකන්ද, සුසිරිගම ප්‍රදේශයේ සිදු වූ දරුණු රථ අනතුරකින් යතුරු පැදියක ගමන් කළ දෙදෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව වැලිකන්ද පොලිසිය පවසයි.


මෙම අනතුරට ලක්ව ඇත්තේ පෞද්ගලික බස් රථයක් හා යතුරු පැදියක් අතර මුහුණට මුහුණ ගැටීමක් වන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස යතුරු පැදියේ ගමන් කළ දෙදෙනා එම ස්ථානයේදීම මියගොස් තිබේ.


මරණයට පත්වූවන් ලෙස හඳුනාගෙන ඇත්තේ වැලිකන්ද, සුසිරිගම ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි එක්දරු පියකු වන ඉශාන් මධුසංක සහ අංක හොරගොල්ල, වෙලන්ගහ වත්ත ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි යුද හමුදා විශ්‍රාමික සාජන්වරයෙකු වන එච්.ඩබ්ලිව්. සේනාරත්න යන දෙදෙනාය.


අනතුර සිදුවූ අවස්ථාවේ යතුරු පැදිකරුවන් මත්පැන් භාවිතා කර තිබේද යන්න සම්බන්ධයෙන්ද වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිසිය සඳහන් කරයි.

Post Top Ad

Pages