Breaking

Post Top Ad

Sunday, April 19, 2026

අවුරුදු උත්සවයේ ගැටුමකින් 7ක් රෝහලේ

 

ආණමඩුව කරඹෑවේ ප්‍රදේශයේ ඊයේ (18) පැවති අවුරුදු උත්සවයක් අතරතුර ඇති වූ ගැටුමකින් පුද්ගලයන් හත් දෙනෙකු තුවාල ලබා තිබේ.


තුවාල ලැබූ අය ආණමඩුව මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කරයි.


ගම්වාසීන් විසින් සංවිධානය කළ මෙම උත්සවයට සහභාගී වූ දෙපාර්ශවයක් අතර පැවති පැරණි ආරවුලක් හේතුවෙන් උණුසුම් තත්ත්වයක් උදා වූ බව වාර්තා වේ.


ඉන්පසු එම තත්ත්වය ගුටිබැට හුවමාරුවක් දක්වා වර්ධනය වී ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත.


මෙම ගැටුමට අවුරුදු උත්සවයට එක්වූ 20කට ආසන්න පිරිසක් සම්බන්ධ වී ඇති බවට තොරතුරු ලැබී තිබේ.


තුවාල ලැබූ අයගේ තත්ත්වය බරපතල නොවන අතර, සිද්ධිය පිළිබඳව ලැබුණු තොරතුරු හා ප්‍රකාශ මත වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බව ආණමඩුව පොලිසිය වැඩිදුරටත් පවසයි.

Post Top Ad

Pages