Breaking

Post Top Ad

Sunday, April 19, 2026

දියේ ගිලී තවත් දෙදෙනෙකු මරුට

 තඹුත්තේගම නල්ලච්චිය ජලාශයේ වම් ඉවුරට සම්බන්ධ ජලය ගලා යන ඇල මාර්ගයක මංකඩක් අසල තිබී මළසිරුරු දෙකක් ඊයේ (18) පස්වරුවේ සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.


ලැබුණු තොරතුරක් අනුව සිදු කළ විමර්ශනයකදී මෙම මළසිරුරු සොයාගෙන තිබේ. මරණයට පත්වූවන් වයස අවුරුදු 19 සහ 30 වන අතර, බැඳිවැව සහ තිඹිරිගස්කඩවල ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.


මුලික විමර්ශන අනුව ඔවුන් දිය නෑමට ගොස් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බව අනාවරණය වී ඇත.


මෘත ශරීර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා තඹුත්තේගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.


මේ අතර, ඊයේ (18) දහවල් අනුරාධපුර තිසාවැවේ දිය නාමින් සිටියදී ගිලුණු පුද්ගලයෙකු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් බේරාගෙන ඇත.


එම පුද්ගලයාට මූලික ප්‍රතිකාර ලබාදීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති අතර, බේරාගෙන රෝහල් ගත කර ඇත්තේ වයස 27ක් වන බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය පවසයි.

Post Top Ad

Pages