මන්නාරම පොලිස් වසමට අයත් තාල්වුපාඩු–තාරාපුරම් මාර්ගයේ, තුර්කිසිටි ගම්මානයේ සිදුවූ රිය අනතුරකින් වයස අවුරුදු එකහමාරක කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලිසිය පවසන්නේ, ඊයේ (18) පස්වරුවේ බේකරි ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ත්‍රීරෝද රථයක් මෙම දැරියට ගැටී ඇති බවයි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ දැරිය වහාම මන්නාරම රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ මන්නාරම, තාරාපුරම් ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 01 යි මාස 06 ක් වූ දැරියකි.
සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රීරෝද රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මන්නාරම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.