හිටපු ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ හිටපු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයකු වන සම්පත් අතුකෝරළ මහතා තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව රෝහල්ගත කර ඇති බව පිටිගල පොලීසිය පවසයි.
මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ පිටිගල, බඹරවාන උස්බිම් ජනපද ප්‍රදේශයේදී බවද පොලීසිය සඳහන් කරයි.
සිද්ධියට සම්බන්ධ බවට සැක කරන පුද්ගලයා ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු දමිළ ජාතිකයෙකු බවද පොලීසිය කියා සිටී.
අත්අඩංගුවට ගත් සැකකරු අද (18) පස්වරුවේ ඇල්පිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලීසිය වැඩිදුරටත් පවසයි.
පෞද්ගලික ආරවුලක් මත මෙම ප්‍රහාරය සිදුව ඇති බවටද පොලීසිය අනාවරණය කරයි.