Breaking

Post Top Ad

Sunday, April 19, 2026

පොලිසියෙන් බේරිමට මුහුදට පැන්න මත්ද්‍රව්‍ය අලෙව් කල පුද්ගලයා මුහුදේ ගිලි මියයයි

 බේරුවල ධීවර වරාය ආශ්‍රිතව මත්ද්‍රව්‍ය අලෙවි ජාවාරමක සම්බන්ධ වූ පුද්ගලයෙකු පොලිසියෙන් පලා යාමේ උත්සාහයකදී මුහුදට පැන ඇති අතර, එම සිද්ධියෙන් ඔහු ගිලී මියගොස් ඇති බව බේරුවල පොලිසිය පවසයි.


මෙම සිද්ධියේ මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගැනීමට නොහැකි වී ඇති බවද පොලිසිය සඳහන් කරයි.


ලැබුණු තොරතුරක් මත, බහුදින ධීවර යාත්‍රාවක සිට මත්ද්‍රව්‍ය අලෙවි කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට බේරුවල පොලිසිය විසින් වැටලීමක් සිදු කර ඇත. එම අවස්ථාවේ සැකකරු පොලිසියෙන් පලා යාම සඳහා අනෙකුත් ධීවර යාත්‍රාවලට නැගී, අවසානයේ මුහුදට පැන ගොස් ඇත.


සැකකරු සොයා පොලිසිය විසින් සෝදිසි මෙහෙයුම් ආරම්භ කළද ඔහු සොයා ගැනීමට නොහැකි වී තිබුණි. කෙසේ වෙතත්, අද (18) දින බේරුවල ධීවර වරාය ආසන්න මුහුදු ප්‍රදේශයේ ඔහුගේ මළ සිරුර පාවෙමින් තිබියදී නාවික හමුදා වෙරළාරක්ෂක නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

Post Top Ad

Pages