පොළොන්නරුව මහ රෝහලේ අපවාහන ජල ටැංකියකින් බිළිඳු මළ සිරුරක් අද (13) සොයාගෙන ඇති බව පොළොන්නරුව මූලස්ථාන පොලිසිය පවසයි.
රෝහලේ සේවකයෙකු විසින් මෙම සිරුර මුලින්ම දැක පොලිසියට දැනුම් දී ඇති අතර, සිද්ධිය සම්බන්ධ මහෙස්ත්‍රාත් පරීක්ෂණ අද සවස පැවැත්වීමට නියමිත බව පොළොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්ෂක කේ.පී.පී. පතිරණ මහතා සඳහන් කළේය.
මෙම සිද්ධිය පිළිබඳව මෙතෙක් විස්තර අනාවරණය වී නොමැති අතර, වැඩිදුර පරීක්ෂණ පොළොන්නරුව පොලිසිය විසින් ක්‍රියාත්මක කරමින් පවතී.