Breaking

Post Top Ad

Wednesday, April 15, 2026

දිය නෑමට ගිය එකම පවුලේ සහෝදරයින් 3න් දෙනෙකු දියේ ගිලී අතුරුදන්

 සේරුනුවර, සෝමාවතිය රක්ෂිතය හරහා ගලා යන මහවැලි ගඟේ දිය නෑමට ගිය එකම පවුලක සහෝදරයින් තිදෙනෙකු දියේ ගිලී අතුරුදන් වී තිබේ.


මෙම සිදුවීම ඊයේ (14) සවස වාර්තා වූ අතර, අතුරුදන් වූවන් වන්නේ වයස අවුරුදු 24, 34 සහ 35 වන මහින්දපුර ප්‍රදේශයේ පදිංචි සහෝදරයින් තිදෙනෙකි.


ඔවුන් තිදෙනා තම පියා සහ තවත් සහෝදරයෙකු සමඟ දිය නාමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බව වාර්තා වේ.


අතුරුදන් වූවන් සොයා නාවික හමුදා ජීවිතාරක්ෂක කණ්ඩායම් සහ සේරුනුවර පොලීසිය එක්ව සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් පවතී.


එමෙන්ම, හබරාදූව ප්‍රදේශයෙන්ද වෙනත් දියේ ගිලී මරණ දෙකක් වාර්තා වී තිබේ.


ඊයේ සවස හබරාදූව මුහුදු තීරයේ දිය නාමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලී ඇති අතර, ප්‍රදේශවාසීන් විසින් ඔවුන් රක්ෂා කර රෝහලට ගෙන ගියද එවිටත් ඔවුන් මියගොස් සිටි බව වෛද්‍යවරුන් සඳහන් කර ඇත.


මියගොස් ඇත්තේ වයස අවුරුදු 21 සහ 26 වන කටුනායක ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.


ඔවුන් කටුනායක සිට විනෝද චාරිකාවක් සඳහා පැමිණ දිය නාමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බව පරීක්ෂණවලදී හෙළිවී ඇත.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් හබරාදූව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.

Post Top Ad

Pages