Breaking

Post Top Ad

Wednesday, April 15, 2026

ගොඩනැගිල්ලකින් පුද්ගලයෙකු ඇදවැටී මියයයි

 

කොල්ලුපිටිය, සී.වී. ඇවනිව් ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින තට්ටු ගොඩනැගිල්ලක තුන්වන මහලින් ඇද වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කොල්ලුපිටිය පොලිසිය සඳහන් කරයි.


මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 27ක් වන තලවකැලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය පවසයි.


මූලික විමර්ශනවලට අනුව, ගොඩනැගිල්ලේ තුන්වන මහලේ පලංචි භාවිතයෙන් යකඩ කොටසක් සවිකිරීමට යාමේදී පය ලිස්සා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.


මෘත දේහය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කොල්ලුපිටිය පොලිසිය විසින් සිදු කරයි.

Post Top Ad

Pages