Breaking

Post Top Ad

Wednesday, April 15, 2026

ලස්සනම තරුණිය සහ බිලියනයක් සල්ලි ඉල්ලා උගණ්ඩා හමුදා ප්‍රධානියා තුර්කියට තර්ජනය කරයි

 උගන්ඩා හමුදා ප්‍රධානී ජෙනරාල් මුහූසි කයිනෙරුගාබා විසින් තුර්කියට අසාමාන්‍ය ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වෙයි. ඒ අනුව, අමෙරිකානු ඩොලර් බිලියනයක මුදලක් සහ තුර්කියේ සිටින ලස්සනම තරුණියක් තමන්ට විවාහ කර දෙන ලෙස ඔහු ඉල්ලා ඇත.


ජෙනරාල් කයිනෙරුගාබා උගන්ඩාවේ හමුදා ප්‍රධානියා වන අතර, එරට ජනාධිපති යොවේරි මුසවේනිගේ පුත්‍රයාද වේ.


ඔහු පවසන්නේ, මෙම ඉල්ලීම් දින 30ක් ඇතුළත ඉටු කළ යුතු බවයි. එසේ නොවන්නේ නම් තුර්කිය සමඟ පවතින සියලු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හිටුවන බවටද ඔහු අනතුරු ඇඟවීය.


සෝමාලියාවේ ආරක්ෂාව වෙනුවෙන් උගන්ඩා හමුදාව සිදු කළ සේවාවට තුර්කිය විසින් යථාර්ථයෙන් ගෞරවය ලබාදී නොමැති බව ඔහු චෝදනා කරයි. ඒ වෙනුවෙන් වන්දියක් ලෙස මෙම ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවද ඔහු සඳහන් කර ඇත.


ජාත්‍යන්තර දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ, මෙවැනි විවාදස්පද ප්‍රකාශයන් කිරීමට ජෙනරාල් කයිනෙරුගාබා නවකයෙකු නොවන බවයි. මීට පෙරද ඔහු ඉතාලි අගමැතිනි ජෝර්ජියා මෙලෝනි විවාහ කර ගැනීම සඳහා එළදෙනුන් 100ක් ලබාදීමට සූදානම් බව ප්‍රකාශ කර තිබුණි.


කෙසේවෙතත්, මෙම ප්‍රකාශයන් සම්බන්ධයෙන් තුර්කි රජය තවමත් නිල ප්‍රතිචාරයක් ලබාදී නොමැත. ඒ අතර, සමහර පාර්ශ්වයන් මෙම ප්‍රකාශ සරදමක් ලෙස සිදු කළ බවද සැක පළ කරයි.

Post Top Ad

Pages