Breaking

Post Top Ad

Wednesday, April 15, 2026

ගතවූ පැය 24 තුළ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 06 දෙනෙකු මරුට

 ගතවූ පසුගිය පැය 24 තුළ සිදුවූ රිය අනතුරු කිහිපයක් හේතුවෙන් පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.


පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, අගුරුවාතොට, වදුරඹ, ගාල්ල, කහටගස්දිගිලිය, වේවැල්වත්ත සහ වාරියපොළ යන ප්‍රදේශවලින් මෙම අනතුරු වාර්තා වී ඇති බවයි.


උත්සව සමය පවතින බැවින් රිය ධාවනයේදී වැඩි අවධානයක් යොමු කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.


තවද, බීමත්ව රිය පදවන රියදුරන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද පොලිස් දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.


එමෙන්ම, අලුත් අවුරුදු සමයේ ගිණිකෙළි හේතුවෙන් සිදුවූ අනතුරු සුළු මට්ටමින් වාර්තා වී ඇති බව කොළඹ ජාතික රෝහල සඳහන් කර තිබේ.

Post Top Ad

Pages