Breaking

Post Top Ad

Thursday, April 16, 2026

දරුණු අනතුරකින් ඇහැළියගොඩ 13 ක් රෝහලේ

 අද (15) සවස 7.00ට පමණ ඇහැළියගොඩ නගරයේ සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයින් 13 දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා ඇත.

පොලීසිය පවසන පරිදි, රියදුරෙකුගේ පාලනයෙන් ඉවතට ගිය මෝටර් රථයක් මාර්ගයේ ගමන් කරමින් තිබූ අනෙකුත් වාහන කිහිපයකට ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. මෙම අනතුරට යතුරුපැදියක්, ත්‍රිරෝද රථ තුනක් සහ මෝටර් රථ දෙකක් ඇතුළු වාහන හයක් සම්බන්ධ වී ඇත.


සිද්ධිය දැකපු ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ, අදාළ මෝටර් රථයේ රියදුරු මත්පැන් පානය කර සිටි බවට සැකයක් පවතින බවයි.

මෙම බහුවාහන අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් කඩිනමින් ඇහැළියගොඩ මූලික රෝහල වෙත රැගෙන යාමට ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව ක්‍රියාකර තිබේ.

අනතුරට නිශ්චිත හේතුව මෙතෙක් තහවුරු වී නොමැති අතර, එය රියදුරුගේ නොසැලකිලිමත් ක්‍රියාවක්ද නැතහොත් වාහනයේ කාර්මික දෝෂයක්ද යන්න පිළිබඳව ඇහැළියගොඩ පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර ඇත.

Post Top Ad

Pages