Breaking

Post Top Ad

Thursday, April 16, 2026

පාසලක සිදුවූ වෙඩි තැබීමකින් තුර්කියේ නව දෙනෙකු මරුට

 දකුණුදිග තුර්කියේ පිහිටි පාසලක සිදු වූ වෙඩි තැබීමකින් මියගිය සංඛ්‍යාව නවය දක්වා ඉහළ ගොස් තිබේ.


විදෙස් මාධ්‍ය වාර්තා අනුව, පන්ති කාමරයක් තුළ පාසල් සිසුවෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇත. මෙම සිද්ධියෙන් තවත් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන්ගෙන් හය දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිති. එයින් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව සඳහන් වේ.


මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ අටවන ශ්‍රේණියේ සිසුවෙකු වන අතර, සිද්ධියෙන් අනතුරුව ඔහු සියදිවි නසාගෙන ඇති බවද වාර්තා වෙයි.


මේ අතර, තුර්කියේ ගිනිකොණදිග ප්‍රදේශයේ පිහිටි තවත් පාසලක, එම පාසලේම හිටපු සිසුවෙකු විසින් ඊයේ (14) සිදුකළ වෙඩි තැබීමකින් 16 දෙනෙකු තුවාල ලබා ඇත.


එම වෙඩික්කරු 18 හැවිරිදි ආදිශිෂ්‍යයෙකු බවද අනාවරණය වී තිබේ.

Post Top Ad

Pages