මහවැලි ගඟේ වෙරුගල්ආරු පාලම අසල දිය නෑමට ගිය පියෙකු සහ ඔහුගේ පුතුන් සිව්දෙනා අතරින් අතුරුදන් වූ තිදෙනාගෙන් දෙදෙනෙකුගේ මළ සිරුරු අද (15) පස්වරුවේ සොයාගෙන ඇත.
ඊයේ (14) පස්වරුවේ මෙම පිරිස දිය නෑමට ගොස් සිටියදී දියේ ගිලි අනතුරකට ලක්ව ඇති අතර, එහිදී පියා සහ එක් පුතෙකු දිවි බේරා ගැනීමට සමත්වී තිබේ.
අතුරුදන් වූ අනෙක් තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද පස්වරුවේ මෙලෙස හමුවී ඇති අතර, මියගොස් ඇත්තේ වයස අවුරුදු 35 සහ 34 වන පුද්ගලයින් දෙදෙනෙකි.
කොළඹ රැකියා කරන පුතුන් සිව්දෙනා අලුත් අවුරුද්ද වෙනුවෙන් ගමට පැමිණ තිබූ අතර, එම අවස්ථාවේදී පියා සමඟ දිය නෑමට ගිය අතරතුර මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.