හබරදුව, කොග්ගල නිදහස් වෙරළ උද්‍යානයට ආසන්න මුහුදේ දිය නාමින් සිටියදී එකම පවුලේ දෙදෙනෙකු දියවැලකට හසුවී ජීවිතක්ෂයට පත්වී ඇත.
හබරදුව, කොග්ගල නිදහස් වෙරළ උද්‍යානයට ආසන්න මුහුදේ දිය නාමින් සිටියදී එකම පවුලේ දෙදෙනෙකු දියවැලකට හසුවී ජීවිතක්ෂයට පත්වී ඇත.
ඔවුන් මුහුදේ ගසාගෙන යමින් සිටියදී හබරදුව පොලිසිය සහ අසල සංචාරක හෝටලයක ජීවිත ආරක්ෂකයින් එක්ව ඔවුන් බේරාගෙන මීපේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළද, රෝහලට ගෙන එන අවස්ථාවේදීම ඔවුන් මියගොස් ඇති බව වෛද්‍යවරුන් සඳහන් කළ බව පොලිසිය පැවසීය.
මෙලෙස මියගොස් ඇත්තේ කටුනායක ලර්දු ස්ටේෂන් මාර්ගයේ පදිංචි ජූඩ් ශෙවන්ත පෙරේරා (26) සහ ඇන්ටන් ෂෙනාල් පෙරේරා (21) යන සහෝදරයන් දෙදෙනෙකි.
ඒ අසල ධීවර කටයුතු සිදුකරන රිටිපන්න ධීවරයින් සඳහන් කළේ මෙම ස්ථානය දිය නෑම සඳහා අතිශය අනතුරුදායක බවත්, මීට පෙරද කිහිප දෙනෙකු එහි අනතුරට ලක්ව ඇති අතර බේරාගැනීමට සිදුවූ අවස්ථාද ඇති බවයි.
රත්නපුර, බලංගොඩ මහවලතැන්න කජුවත්ත ප්‍රදේශයේ පිහිටි ගල්වලක තිබී 17 හැවිරිදි දැරියකගේ මළසිරුරක් සොයාගෙන තිබේ. මියගොස් ඇත්තේ බලංගොඩ, මහවලතැන්...