Breaking

Post Top Ad

Thursday, April 16, 2026

මත්පැන් සාදයේදී හිසට පොල්ලකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කරයි

 දකුණු පයාගල ප්‍රදේශයේ ඊයේ (14) රාත්‍රියේ සිදු වූ පහරදීමකින් පුද්ගලයෙකු ඝාතනයට ලක්ව ඇති බව පයාගල පොලිසිය පවසයි.


මෙලෙස මරණයට පත්ව ඇත්තේ පයාගල ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි දැරණියගලගේ නිෂාන්ත පීරිස් යන පුද්ගලයෙකි.


පොලිසිය පවසන්නේ, පයාගල විහාරකන්ද ප්‍රදේශයේ නිවසක අවුරුදු උත්සවය නිමිත්තෙන් ඊයේ රාත්‍රියේ මත්පැන් සාදයක් පැවති අතර, එහිදී එක්ව මත්පැන් පානය කළ පුද්ගලයින් අතර වචන හුවමාරුවක් සිදුව ඇති බවයි.


ඒ අනතුරුව, සාදයෙන් පිටව ගිය පසු, ඝාතනයට ලක් වූ පුද්ගලයා දකුණු පයාගල දුම්රිය ස්ථානය අසල පිහිටි එළවළු වෙළඳසැලක් අසලදී පොල්ලකින් පහරදී මරණයට පත් කර ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

Post Top Ad

Pages