කළුතර නාගොඩ රෝහලේ වෛද්‍යවරියකගේ පපු ප්‍රදේශය ස්පර්ශ කර ලිංගික අතවරයක් සිදු කළ බවට චෝදනා එල්ල වූ, එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු දකුණු කළුතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
පොලිසිය පවසන පරිදි, සැකකරු මුලින් කිසියම් රෝගී තත්ත්වයක් හේතුවෙන් මතුගම පිඹුර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදී, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ රෝහල වෙත මාරු කර තිබූ අයෙකි.
නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර, වෛද්‍යවරියක් විසින් ඔහුගේ රුධිර පීඩනය පරීක්ෂා කිරීමට යාමේදී, සැකකරු හදිසියේම ඇයගේ පපු ප්‍රදේශය ස්පර්ශ කර ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ. එම අවස්ථාවේදී වෛද්‍යවරිය විසින් පොලිසියට පැමිණිලි කරන බවට ඔහුට දැනුම් දී ඇති අතර, යළිත් රුධිර පීඩනය පරීක්ෂා කිරීමට යාමේදී දෙවන වරටත් එම අයුරින්ම ඇයව ස්පර්ශ කර ඇති බවටද පැමිණිල්ලේ සඳහන් බව පොලිසිය කියයි.
ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන, පොලිස් ආරක්ෂාව යටතේ රෝහලේම ප්‍රතිකාර ලබාදීමට කටයුතු කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු මහගම සමගිපුර තැන්නහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද පොලිසිය සඳහන් කරයි.