දැදුරු ඔයේ දිය නෑමට ගිය පුද්ගලයින් 15 දෙනෙකු සම්බන්ධයෙන් අද (16) පස්වරුවේ දියේ ගිලී අනතුරක් සිදුව තිබේ.
දියේ ගිලුණු පිරිස අතරින් දෙදෙනෙකු රෝහල්ගත කර ඇති අතර තවත් දෙදෙනෙකුගේ මළසිරුරු සොයාගෙන තිබේ. එම මළසිරුරු අතර පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවකගේ මළසිරුරක් ඇතුළත් බව සඳහන් වේ.
පොලීසිය අනාවරණය කරන්නේ තවත් පුද්ගලයින් 6 දෙනෙකු තවමත් අතුරුදන්ව සිටින බවයි.
මෙම අනතුර සිදුව ඇත්තේ කොබෙයිගනේ පොලිස් බල ප්‍රදේශයේ කුරටියාගහමුල ප්‍රදේශයේදීය.
කඩවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් 7 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් කොබෙයිගනේ පිහිටි ඥාති නිවසකට පැමිණ ඇති අතර, එම නිවසේ සිටි තවත් පිරිසක් සමඟ එකතු වී 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ලෙස දැදුරු ඔයට දිය නෑමට ගොස් ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසයි.