Breaking

Post Top Ad

Friday, April 17, 2026

32 හැවිරිදි කාන්තාවක් අනියම් පුරුෂයාගේ පහරින් මරුට

 

පෙරේදා (14) පස්වරුවේ වැල්ලවාය පොලිස් වසමට අයත් නෙටොලගම ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දීමක් සිදු කරමින් තිස් දෙහැවිරිදි කාන්තාවක් අමානුෂික ලෙස ඝාතනය කර ඇති බව වාර්තා වේ.


සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී අපරාධ ස්ථානයට පැමිණ තිබේ.


බරපතළ තුවාල ලබා සිටි කාන්තාව කඩිනමින් වැල්ලවාය මූලික රෝහලට රැගෙන ගියද, එම අවස්ථාවේදී ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බව රෝහල් බලධාරීන් තහවුරු කර ඇත.


මෙලෙස මියගොස් ඇත්තේ වැල්ලවාය නෙටොලගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.


මූලික විමර්ශනවලදී හෙළිවී ඇත්තේ මියගිය කාන්තාව සහ ඇගේ අනියම් සැමියා අතර පැවති පෞද්ගලික ආරවුලක් උත්සන්න වීමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි.


අපරාධය සිදු කළ බවට සැක කෙරෙන පුද්ගලයා මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වැල්ලවාය පොලිසිය විසින් පුළුල් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කරමින් වැඩිදුර විමර්ශන සිදු කරගෙන යයි.

Post Top Ad

Pages