ඇමරිකාවේ හිටපු වර්ජිනියා ලුතිනන් ආණ්ඩුකාර ජස්ටින් ෆෙයාර්ෆැක්ස් (Justin Fairfax) දික්කසාද නඩුවක් පවතින අතරතුරදී සිය බිරිඳට වෙඩි තබා ඝාතනය කර, එමෙන්ම තමන්ද සියදිවි හානිකරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම සිද්ධිය “සංකීර්ණ සහ ගැටලු සහගත දික්කසාදයක් මූලික කරගත් පවුල් ආරවුලක ප්‍රතිඵලයක්” විය හැකි බවට වාර්තා සඳහන් කරයි.
එම යුවළ එකම නිවසක වාසය කළද, වෙන වෙනම නිදන කාමර භාවිත කළ බවද හෙළිවී තිබේ.
තවද, දික්කසාද නඩුව සම්බන්ධයෙන් මීළඟ අධිකරණ දිනය දක්වන නීතිමය ලියකියවිලි පසුගියදා ෆෙයාර්ෆැක්ස් වෙත භාර දී තිබූ බවත්, එරට පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.